කොරෝනා මර්දනය මැද GMOA මාෆියාව – GMOF කරන විශේෂ හෙළිදරව්ව (VIDEO)

රජය කොවිඩ් 19 මර්දන ක්‍රියාවලිය ඉතා සාර්ථකව කරගෙන ආ නමුත් කිරි කළයට ගොම බිංදුවක් එකතු වුණා සේ ඊට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එකතු වීමෙන් එම මර්දන ක්‍රියාවලියට කළු පැල්ලමක් එක් වූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පෙන්වා දෙනවා.

එහි මාධ්‍ය ලේකම්  වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා සඳහන් කරන්නේ මේ වන විට කුමන ආකාරයට හැසිරුණද ජනවාරි මාසයේ සිට මාර්තු 31 වැනිදා දක්වා කොරෝනා ව්‍යාප්තිය වළක්වා ගැනීම සඳහා කිසිවක් නොකියා හීලෑ ස්වාභාවයකින් හිඳ මාර්තු 31 පසු ඔවුන්ගේ දේශපාලන අරමුණු ඉටු නොවීම නිසා එකවරම ආණ්ඩුවට එරෙහිව කතාකිරීමට පටන් ගත් බවයි.

මුලින්ම ආණ්ඩුව පත් වූ මොහොතේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය වෙත සෞඛ්‍ය ලේකම් ධූරය නොලැබීමත් පසුව මහ මැතිවරණයෙන් නාමයෝජනා 20ක් නොලැබීමත් කොරෝනා මර්දන ක්‍රියාවලිය මැද රජයේ වෛද්‍ය නිලධාරීන්හගේ සංගමය විසින් හදිසියේම ආණ්ඩුව විවේචචනය කිරීමට හේතු වූ ප්‍රධානම කාරණා බව වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා කියා සිටිනවා.

අල්ලපු අත්තත් නැහැ පය ගහපු අත්තත් නැහැ අන්තිමට කොරෝනාවේ එල්ලුණා 

“නාමයෝජනා දෙන අන්තිම දවස වෙනකම් හිටියා හීලෑ වෙලා. අන්තිමට එකක්වත් නැහැ. එතකොට මේගොල්ලෝ අවුල් වුණා. ඉච්ජාභංගතත්වයට පත්වෙනවා. මේ රජයට උදව් කළා වගේ පෙන්නලා ආවට ලේකම්කමත් නැහැ නමයෝජනාත් නැහැ. මෙතැනදී ඊළඟට මොකද කරන්නේ කියන තත්ත්වයට ආවා. කලින් ආණ්ඩුවත් එක්ක මේ අයගේ හොද තත්ත්වයක් තිබුණේ නැහැනේ. එහෙම වුණා නම් විපක්ෂයට හරි හේත්තු වෙන්න තිබුණා. අන්තිමට අල්ලපු අත්තත් නැහැ පය ගහපු අත්තත් නැහැ. ඔන්න එකපාරටම නවීන් ද සොයිසා  නින්දෙන් ඇහැරිලා වගේ ජනාධිපතුතුමාව විවේචනය කරන්න පටන් ගත්තා. මොකද රෝගීන් 28 ක් එද්දී එතුමාට බලකිරීමක් ආවා මේක ලොක්ඩවුන් කරන්න කියල. මෙතැනදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියනවා ඔවුනුත් කිව්වා කියලා. අපි නම් දැක්කේ නැහැ එහෙම කියනවා. මොකද අනුරුද්ධ පාදෙණියලා මේකේ හිටියත් නැතත් මේක කළ යුතු කණ්ඩායමක් ඉන්නවනේ. ඒ විශේෂඥයින්ගේ උපදෙස්නේ ගන්නේ….”

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැන් එක එක වේශයෙන් කෑගැහුවද ඔවුන් ද එම කාර්ය සාධක බලකායේ සිටිය නමුත් කිසිවක් කතා කර නැති බව වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා පවසනවා.

පසුගිය රජය විසින් හඳුන්වා දුන් ගිලන් රථ සේවය ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින්  දැඩි විවේචනයට ලක් කළද මේ වන විට එම ගිලන් රථ සේවය කරන සේවාවේ වටිනාකම විසින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අරමුණ පැහැදිලි කර තිබෙන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

නරකම දේශපාලකයෙක් දකින්නට තිබුණු අවස්ථාව නැති වුණා

රටේ වාසනාවට අනුරුද්ධ පාදෙණියගේ අරමුණ වත්මන් නායකයින්ට වැටහීම නිසා ඔවුන්ට දේශපාලනයට රිංගීමට තිබුණු අවස්ථාව අහිමි වූ අතර නරකම දේශපාලකයෙක් දැක ගැනීමේ අවස්ථාවද ජනතාවට අහිමි වූ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ  සංසදයේ මාධ්‍ය ලේකම්වරයා සඳහන් කරන්නේ.

“මේ අය හදිසියේම ආණ්ඩුවට උපදෙස් දෙන්න එනවනේ. අපි අහල තියෙනවනේ උම්මග්ග ජාතකයේ වේදේහ රජ්ජුරුවන්ට උපදෙස් දෙන කේවට්ට බමුණෝ ගැන. අන්න ඒ වගේ කේවට්ට උපදෙස් තමයි GMOA එකත් ආණ්ඩුවට දුන්නේ. ඒවගේම තමයි දේව දත්ත න්‍යායේ උපදෙස් මේ අය දුන්නේ. ….”

අවසානයේ කියන්න දෙයක් නොමැතිව රැපිඩ් ටෙස්ට් ගැන කතා කළ අතර එහි සැබෑ තත්ත්වයද රූපවාහිනී වැඩසටහනකදී මාහාචාර්ය මලවිගේ විසින් පැහැදිලි කිරීමෙන් අනතුරුව රැපිඩ් ටෙස්ට් පසුපස තිබූ GMOA වෙළෙඳ මාෆියාවද අනාවරණ වූ බව වෛද්‍ය ප්‍රේමරත්න මහතා අවධාරණය කරනවා.

රැපිඩ් ටෙස්ට් එකෙනුත් GMOA  නිරුවත හෙළි වුණා 

මේ අතර PCR පරීක්ෂණයද GMOA  පටලවා ගත්  බවත් ඒ ගැනද කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරු දෙදෙනකු කරුණු පැහැදිලි කළ බවත් එවැනි සිදුවීම හරහා ඔවුන් ලකුණු කපා ගත් බවයි  ඔහු කියාසිටින්නේ.

ඔවුන් දිගින් දිගටම විෂය සම්බන්ධයෙන් විශේෂඥභාවයකින් තොරව නොදන්නා දේවල් ගැන කාතා කරමින් සිටින බවද හෙතෙම සඳහන් කරනවා.

අනුරුද්ධ පාදෙණිය කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයෙක් – නාථ දෙවියන්ගේ පස්සෙන් වැටිලා ඉන්නේ 

මේ මොහොතේ උපදෙස් ගැනීමට සිදුවන්නේ නාථ දෙවියන්ගෙන් බවට ජනාධිපතිවරයාටද අනුරුද්ධ පාදෙණිය විසින් පවසා ඇති අතර එහිදී ජනාධිපතිවරයාගෙන් ඔහු දොස් ආස ඇති බව නිරෝෂණ ප්‍රේමරත්න මහතා පවසනවා.

එලෙස සියලු උත්සාහයන් වැරදි යාමෙන් පසු අවසානයේ හෙළ වෙදකම දෙසට හැරෙන පාදෙණිය හෙළ කැඳ, දුම් මුට්ටිය,වැනි දේශීය දේ අගයන තැනැත්තෙකු බවට පෙන්වීමට උත්සහයක් ගනිමින් සිටින බව ඔහු පෙන්වාදෙනවා.

එය බටහිර වෛද්‍යවරයෙකු ලෙස වෛද්‍ය ආඥා පනතද උල්ලංඝනය කරන තත්ත්වයක් වන බවත් නොදන්නා වෙනත් ශාස්ත්‍රයක් හොරකම් කිරීමක් ලෙසද  දැක්විය හැකි බවයි ප්‍රේමරත්න මහතා පවසන්නේ.

“අවසානයේ රු. 175ට තිබුණු දුම් මුට්ටිය රුපියල් දෙසිය අසූ ගණනට වැඩි වී තිබෙන අතර දුම් මුට්ටිය ප්‍රචලිත කිරීමේ පාදෙණියගේ වෙළෙඳ  අරමුණද ඒ හරහා පැහැදිලියි.”

කෙසේවෙතත් දු මුට්ටිය යනු ප්‍රතිකාර ක්‍රමයක් නොව දේශීය වෛද්‍ය විද්‍යාව තුළ එය ප්‍රථමාධාරා ක්‍රමයක් බවද එම වෛද්‍යවරයෙක් පවසා තිබෙන බව වෛද්‍ය නිරෝෂණ ප්‍රේමරත්න මහතා කරුණු පැහැදිලි කරමින් පෙන්වදෙනවා.

“අනුරුද්ධ පාදෙණිය බෞද්ධ දර්ශනයට අනුව මිත්‍යා දෘෂ්ටිය වපුරන්නෙක්. භික්ෂුන් වහන්සේලා කියන විදිහට නාථ දෙවියෝ කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයෙක්. පාදෙණිය කියන්නේ, නාථ  දෙවියන්ගෙන් පණිවිඩ ලැබෙනවා ඒ අනුව වැඩකරන්න ඕනේ කියලා. එහෙම බලද්දී අනුරුද්ධ පාදෙණිය කියන්නේ මිත්‍යා දෘෂ්ටිකයෙක් . ඒ විතරක් නෙවෙයි ඔහු බෞද්ධයා නාලිකාවේ ගිහි බණත් කියනවා. මේක ථෙරවාදී බුද්ධාගමට කරන ලොකු තර්ජනයක්   මම අහලා තියෙනවා බුදුන් වහන්සේහ්ගේ ධර්මය විනාශ කරන කෙනෙක් තමයි මාර දිව්‍ය පුත්‍රයා. අපි ඔය මාරයා කියලා කියන්නේ. මාරයා ගිහි වේශයෙනුත් පැවිදි වේශයෙනුත් එවනවලු පිරිසිදු බුදු දහම විකෘත කරලා විනාශ කරන්න. පාදෙණිය කරන්නෙත් එහෙම එකක්ද දන්නෙත් නැහැ කියලා මට හිතෙනවා. බෞද්ධයන්ගෙන් මං ඉල්ලා සිටිනවා ප්‍රවේශම් වෙන්න කියල….”

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට සිය දේශපාලන අරමුණු ඉටුකරගැනීමට නොහැකි වීම නිසා ඉදිරියේදී දේශපාලන පැත්ත මාරු කරන අන්දමද  දැකගත හැකි වනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ මාධ්‍ය ලේකම් වැඩිදුරටත් ප්‍රකාශ කරනවා.

කෙසේවෙතත් මේ වන විට GMOA  විසින් සිදුකරමින් සිටින්නේ මාෆියාවක් බවත් ඒ පසු පස දේශපාලන මෙන්ම වෙළෙඳ වුවමනාවන්ද පවතින බවත් පැහැදිලි බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *